කාන්තා සෞඛ්‍යය සදහා නව පියවර: ඩාබිදු සාමූහිකයේ SRHR වැඩසටහන
2025 ජනවාරි 19 වන දින, ඩාබිදු සමූහිකය විසින් කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් (SRHR) පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනට කාන්තාවන් 25 දෙනෙකු සහභාගී වූ අතර, බියගම MOH කාර්යාලයේ වෛද්‍යවරුන් මූලික සම්පත් දායකයින් ලෙස කටයුතු කරන ලදී.
වැඩසටහනේ දී MOH සේවාවන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබාදුන් අතර සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යාමට උපදෙස් ලබා දෙන ලදී. පළමු දරුවා පිළිබඳ අත්දැකීම්, පවුල් සැලසුම් කිරීමේ විශේෂතා, HIV වැනි ලිංගික රෝග මෙන්ම සෞඛ්‍ය ගැටලු පිළිබඳවද නිවැරදි උපත් පාලන ක්‍රම පිළිබඳව ද පැහැදිලි කරන ලදී.
අතිරේකයක් ලෙස, සහභාගී වුවන්ට පුද්ගලික මග පෙන්වීම් සදහා අවස්ථාව ලබා දී තිබුණි. වෛද්‍යවරුන් සමඟ තනිව පැමිණෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ ආරක්ෂිත හා විශ්වාසනීය අවකාශයක් ලබා දීම මෙම වැඩසටහනේ විශේෂ සහ ආකර්ණීය වූ අංගයක් විය.
මෙම වැඩසටහන සදහා දැක්වූ වුවමනාව කාන්තාවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට පමණක් නොව, ඔවුන්ට වඩාත් ශක්තිමත් සහ තිරසාර ජීවිතයක් ගොඩනැගීමට මඟ පෙන්වන කදිම නිදසුනක් විය.