Skip links

ජාත්‍යන්තර ස්ත්‍රී දින සැමරුම 2022

මෙවර ජාත්‍යන්තර ස්ත්‍රී දින සැමරුම ඩාබිදු  සාමූහිකයේ අනුග්‍රහයෙන් 06/03/2022 දින‍ කිලිනොච්චි දිස්ත්‍රික්කයේදී සමරනු ලැබිණි

මෙයට කටුනායක වව්නියාව හා කිලිනොච්චි ප්‍රදේශ වල ඇගළුම් ක්ෂේත්‍රයේ සේවය කරන  කම්කරුවන් ඒකරාශී කොටගෙන පැවැත්වීමට ලැබීම විශේෂ සිදුවීමකි

මෙවර ස්ත්‍රී දින සැමරීමේ විශේෂ තේමාව වූයේ සී -190 සම්මුතිය අපරානුමත කරගැනීමයි.  මෙම සැමරම වඩාත් අර්ථවත් කරමින් කම්කරු අයිතීක් තහවුරු කරන ලෙස ඉල්ලා විරෝධතා පා ගමනක් පැවැත්වීමද එහිදී සී 190 අපරානුමත කරන ලෙසද ජීවත් වීමට සරිලන වැටුප් ලබා දෙන ලෙසද ආයතන වල හිංසනයන් දුරලන ලෙසද ඉල්ලා සටන් පාඨ කියමින් පා ගමනින් සැමරුම් ස්ථානය වෙත පැමිණ උත්සවය ආරම්භ කෙරිණි

සියළු දෙනා නියෝජනය කරමින් පොල් තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව ඩාබිදු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක විසින් වැඩසටහනේ  අරමුණ පැහැදිලි කරමින් වර්තමානයේ කාන්තාවන් මුහුණ පාන ගැටළුකාරී තත්වයන් පිළිබදව සභාවට අදහස් ඉදිරිපත් කළ අතර එහිදී ගෘහස්ථ හිංසනයේ ගොදුරු බවට පත්වෙමින් 4/1 සමීපතමයන්ගේ හිංසනයට ලක්වන බවත් ලෝකයේ කාන්තාවන්ගෙන් 5/1 ක් කුමණ  හෝ හිංසනයකට ගොදුරු වී ඇති බවත් මෑතකදී කැළණිය විශ්ව විද්‍යාලය විසින් කල සමීක්ෂණයකදී සිය දිවි නසා ගැනීම් නිසා සිදුවූ මරණ වලදී 65% ප්‍රමාණයක් තම සමීපතමයන් විසින් සිදුකල මරණ නිසා සිදුවූවක් බවද ඒවා වැඩි ප්‍රමාණයක් වාර්තා නොවන බවද ප්‍රකාශ කර සිටියහ. එසේම ඇගළුම් කර්මාන්තශාලා වල සේවා පරිසරය තුළ සිදුවන හිංසනයන් පිළිබදවද මෙහිදී සදහන් කළ අතර මේ නිසාම නීතියේ ආරක්ෂාව නොලැබෙන තත්වයක් යටතේ අනිවාර්යයෙන් සී 190 සම්සුති අපරානුමත කර ගැනීම සදහා සියළු උත්සහයන් දැරිය යුතු බවද ප්‍රකාශ කලාය.

මෙහිදී ඇගළුම් කර්මාන්තශාලා නියෝජනය කරමින් ශ්‍රමික සහෝදරියන් සිය අත්දැකීම් ඉදිරිපත් කරමින් රැකියාව නිසාම විදින්නට සිදුවන අපහසුතාවන් මෙන්ම නීීත්‍යානුකූල රැකවරණය අහිමි වීම නිසා සිදුවන හිංසාකාරී තත්වයන් මෙහිදී මතුකර ගැනීමට හැකි විය

ප්‍රධාන දේශණය සදහා පැමීණි නීතිඥ රොබින්සා මහත්මියද වැඩ ලෝකය තුළ සිදුවන හිංසනයන් සම්බන්ධව ඇති තත්වයන් සම්බන්ධව සභාවට කරුණු පිළිබද වාර්තා කළ අතර මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමේදී බවතින නිතිමය දුර්වලතාවන් පිළිබද වැදගත් කරුණු ඉදිරිපත් කරමින් පැමිණි පිරිස දැනුවත් කරන ලදි

විවිධ නර්තනයන් හා නාට්‍යමය ජවනිකාවලින් ඔපවත් වූ මෙම වැඩ සටහන අවසානයේ පැවති පොදු සාකච්ඡාවේදී පවා සේවකයින්ගේ අදහස් මතු වූ අතර සාර්ථක ලෙස එදින වැඩසටහන නිමාවට පත්වුණි

Leave a comment

This website uses cookies to improve your web experience.